Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබටත් අම්මෙක් තාත්තෙක් විදිහට තියෙන ප්‍රශ්නයක් ද ?
image

බබා ප්‍රමාණවත් තරම් ආහාර ගන්නවා නෙවෙ‍යි,කොහොමවත් කන්නේ නෑ

 

අවුරුදු 6ක බබෙක් ඉන්න අම්මා කෙනෙක් අපිත් එක්ක කිව්ව ප්‍රශ්නයක්,

මේ තත්ත්වය පටන් ගත්තේ වයස අවුරුද්දත් පහු උනාට පස්සේ ඊට කලින් එයා බඩගිනි බබෙක් හොදට කිරි බිව්වා සීරියල් කෑවා කිසි බල කිරීමක් නැතුව මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වුනා අවුරුද්දක් කාලයක් ඇතුලත නරකම අතට හැරුනා 

දැන් බබා ආහාර සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. විශේෂ‍යෙන් එළවළු. බබා පිගානෙ තියෙන කිසිවක් කෑමට උත්සහ කරන්නේ නෑ

 

මොකක්ද මේ ?

මේකට කියන්නේ ආහාර රුචිය නැත්තම් ඇනොරෙක්සියා

පළමු වසර අවසාන වන විට ඇතිවන කෑම රුචිය අඩු වීමේ තත්ත්වයට ස්වභාවික හේතු කිහිපයක්ම තියෙනවා.

 

ඒ මොනද කියලා අපි දැන් බලමු,

දත් එන සමයේ දී දැනෙන වේදනාව නිසා ඇති වන කෑම අරුචිය එක් අවස්තාවකි තවත් පොදු ප්‍රශ්නයක් වන්නේ බබාගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වන විට කෑම රුචිය අඩු වීම. (ඇවිදින,දුවන,පනින වයසේදී ඇති වන නිදහස සහ අවදානය වෙනත් බොහෝ අරමුණු වෙත යොමු වේ) එම නිසා ඒකාකාරී කිරි සහ ආහාර චර්යාව බබා ප්‍රිය නොකරයි. බබාටම අවේනික කැමති සහ අකමැති සකල්ප සාදා ගනී ඒවා කලින් කලට වෙන්ස් වෙයි ඒ වගේම ඒ වයසේදීම බබාගේ මූලික ශරීර වර්දනය වේගයද අඩු වන අතර කැලරි අවශ්‍යතාව පහල බසියි

 

මේ නිසා දෙමාපියන් තුල ඇති වන ආකල්පය වන්නේ මගේ බබාට කෑම රුචිය නැතිවෙලා

 

අපි බලමු දෙමාපියන් ආශ්‍රිත කරුණු මොනාද කියලා,

බබාගේ මේ ස්වාභාවය නිසා කෑම රුචිය අඩු වීම තමන් ගේ අසාර්තකත්වයක් සහ විශාල සෞක්‍ය ප්‍රශ්නයක් ලෙස දකී ඒ නිසා වෙනදට වඩා උද්‍යෝග‍යකින් දරුවාට කවන්නට යාම නිසා ඔහු ස්වභාවිකවම ඊට අකමැති වෙයි.කිරි පිළිබද තිබෙන අදිතක්සේරුව නිසා අර්ද ඝන ආහාර හදුන්වා දීම පමා වීම සහ තනියම ආහාර ගැනීමට නොදීම නිසාත් ආහාර රුචිය නැති වීම අරබයා වැදගත් වේ.

 

දරුවා විශාල ප්‍රමාණයක් කිරි බොනු දැකීමට දෙමාපියන් සතුටු වනු නමුත්, එයින් සිදු වන්නෙ දරුවා අර්ද ඝන ආහාර ගැනීමට ඇති තැන අහිමි වීමයි. බීම කෑමට සාපේක්ෂව සරල ක්‍රියාවලියක් වන අතර එය බබාගේ ප්‍රියතම ක්‍රමය බවට පත් වේ. වයස මාස 6 දී නියමිත ලෙස අර්ද ඝන ආහාර නොදුන්නොත් බබාගෙ කැමත්ත මනසේ ස්තාපනය වේකිරි රසට පමණක් හුරු වී ඇති බබාලට නව රසයක් හදුන්වා දීමේ වැදගත්කමද මෙහි දී සැලකිය යුතුය 

 

මාස 9 වන විට බබාට යමක් බීමට කෝප්පය සිය අතින් අල්ලා ගැනීමට හැකි වනු ඇත. අවුරුද්දක් වන විට හැන්දක් ඇතින් අල්ලා කෝප්පයක ඇති යමක් කෑමට තරම් හැකියාවක් වර්දනය වී ඇත

 

බබා කෑම කෑ ස්තානය අවුල් හා අපිරිසිදු කිරීමෙන් මවට වැඩ වැඩි වීම හේතුවෙන් බොහෝ මවුවරුන් බබාට තනියම කෑම ගැනීමට නොදෙයි එම නිසා බබාට තියෙන ආත්ම විශ්වාසය ඇති කර ගැනීමට තිබෙන අහිමි වන අතර එය ඉතා වැරදි හා හානිකර ක්‍රියාවකි.

 

මෙම කෑම සහ කෑවීම පිළිබද ඍන අත්දැකීමක් බබාගේ වැඩෙන මනසේ ගැඹුරේ තැන්පත් වීම නිසා ගැටලු මතු විය හැකි

 

ආහාරමය ගැටලු

ආහාරයක රසය පැහැය සහ පෙනුම බබාගේ පමනක් නොවේ වැඩිහිටි අපෙත් සිත් අලවන කාරනයකි. එවැනි ආහාරයක් බබාට ලබාදීමෙන් වැඩිහිටි අපේ වගකීමකි.

 

පෝශ්‍යදායී ආහාර බබා අකමැති නම් ආහාර ලෙස බලෙන් ලබා දීම වරදකි. බබා හොද පුරුදු ඉගෙන ගන්නේ පවුලේ කෑම මේසයෙන් එම නිසා පොශ්‍යදායි මෙන්ම සෞ ආරක්ෂිත ලෙස ආහාර ලබා දීමට වගබලා ගැනීම ඔබේ වගකීමකි