Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබත් මෙහෙම තාත්තෙක්ද??
image

ඔබත් මෙහෙම තාත්තෙක්ද??

 

අලුත උපන් බිලිදෙකුගෙ මව්පියන් වීම සැබැවින්ම අම්මට වගේම තාත්තටත් අභියෝගාත්මක කාලයක්. මානසිකව වගේම කායිකවත් අසීමිතව තෙහෙට්ටු වෙලා ඉන්න අම්මෙක්ට මේ කාලෙ අවැසිම දේ වටහාගෙන ඉන්න තාත්තා කෙනෙක්ද??

 

මවක් නම් ප්‍රසූතියට පෙර සිටම සායන වලට සහභාගී වන නිසා බොහෝ විට සියල්ල කළමනාකරණය කරගැනීමට සමත්.. නමුත් ඔබ???

 

නව දරු උපතකින් පසු මවකට අවශ්‍යම වන සහයෝගය ලබා දීම මෙහිදී සිදුවිය යුතුම වන බව ඔබ දන්නවද? පසු ප්‍රසව අවස්ථාවන්ගේ හට ගන්නා මානසික ව්‍යාකූලත්වය වගේම ආතතියන්ගෙන් අම්මා කෙනෙක් පිරිලා ඉන්න මේ කාල සීමාවේ බිලිදාගේ පියා ලෙසත්..තම බිරිදගේ ආදරණීය සැමියා ලෙසත් ඔබගෙන් ඉටු විය යුතු ප්‍රධානම කරුණු තුනක් ඇති බව ඔබ දැන සිටියද?

- ඉගෙනීම
- කැපවීම
- ඉවසීම

ප්‍රසූතියකට පෙර සිටම මව සමග සායන වලට සහභාගී වීම පියා විසින් සිදු කිරීම අවශ්‍ය වන අතර හැකි සෑම විටෙකම ඒ හරහා දැනුවත් වීමද කල යුතු වෙනවා..බිළිඳා නිවසට ගෙන ආ පසු සිදු කල යුතු දෑ ගැන මව දැනුවත් වුවද බොහෝ පියවරුන් දරන්නෙ ඒ පිලිබදව වික්ශිප්තභාවයක්.

 


බිලිදාට දිනකට වාර 8-10ත් අතර ප්‍රමාණයක් මව් කිරි දීම සිදු කල යුතු හෙයින් ප්‍රසූතියකට පසු කායිකව හා මානසිකව පීඩනයට ලක්ව සිටින බිරිඳට එය පහසු කටයුත්තක් නොවන බව දැනටමත් ඔබ වටහාගෙන ඇතැයි සිතනවා..
මෙසේ මව්කිරි දෙන වාර අතරින් වැඩි වාර ගණනක් මව අසල සිටීම , අලුත් මවගේ මානසිකත්වයට සහනයක් ගෙන දෙනවා.නිතරම තමන් ඇය සමග සිටින බවට ඇයට ඒත්තු ගැන්විය යුතු වනවා.මානසික සහයෝගය හා ආදරය බෙහෙවින් බලාපොරොත්තු වන මෙම සමයේදී ඒ හරහා මවගේ ශරීරයේ ඔක්සිටොසින් ශ්‍රාවය වීම වේගවත් වන නිසා ඇයට තම බිලිදාට මව්කිරි ලබා දීම පහසුවෙන් කල හැකි වෙනවා.

 

ප්‍රසූතියකට පසු බිරිඳට ලබා දෙන රැකවරණය හරහා කායිකව මෙන්ම මානසිකව ඇයව ශක්තිමත් වෙනවා. දැනටමත් ඔබ එසේ කරනවා නම් සැබැවින්ම ඔබ ශ්‍රේෂ්ඨ පියෙක්.

 

නිසි පෝශණය ලබා දීම, මව් කිරි දීමට විශේශයෙන් සිසේරියන් සැත්කමින් පසු නම් මවට අපහසු විය හැකි අවස්ථාවල දරුවාව මවගේ තනපුඩුව වෙත ස්ථාපනය කිරීම ,දරුවාගෙ පියා ලෙස ඔබට සිදු කල හැකියි.සාමාන්‍යයෙන් සායන වලදී කුඩා බෝනික්කකු පියා අතට ලබා දී එම හුරුව සිදු කරන නමුත් බොහො පියවරුන් සායන වලට සහභාගී නොවන නිසා එම හුරුව ඔවුන්ට ලැබෙන්නෙ නැ.නමුත් ඔබට පුලුවන් එය කරන්නට..


නිදිමැරීම,බිලිදාගෙ හැඬීම නිසා ව්‍යාකූලත්වයට පත්ව සිටින බිරිදගේ හිස අත ගෑම, ගෙල ස්පර්ශ කිරිම මෙන්ම පාද හා කොදුඇට පෙළ ප්‍රදේශය සම්භාහනය කිරීමෙන් ඇයට බිලිදාට කිරි ලබා දීමට පහසුවක් ඇති කරයි.

 

"කිරි දෙන එක එයාගෙ වැඩක්..ඒක එයා කරගනී'" යනුවෙන් ඉන් පලා යාම කිසි ලෙසකත් සිදු කරන්නෙපා.හැකි සෑම විටකම මව සමග තම කාලය බෙදාගනිමින් බිලිදාගෙ කටයුතු දෙදෙනාම එක්ව කරන්න.මන්ද මෙම අවධියේදී බිලිදා හා පියා අතර ඇතිවන සම්බන්ධතාවය ඉතා ශක්තිමත්..අලුත උපන් බිලිදාගෙ පෞරුෂය වර්ධනයට පවා එය බලපාන වග ඔබ වටහා ගෙන ඇතැයි සිතනවා.

 

පියෙකු විසින්,බිලිදා නැලවීම, නැහැවීම ,නැලවිලි ගී ගැයීම මවට පමනක් අයත් කාර්‍යක් යැයි කිසිවෙටෙකත් නොසිතා කටයුතු කල යුතුයි.බොහෝ විට බිලිදා මව් උණුසුම පතා ඈ තුරුලේ දිනයෙන් වැඩි කාලයක් ගත කරන බැවින් ඔබේ සහයෝගය නිවසේ කටයුතු වලදීද ඈට ලබා දෙන්න.එපමනක් නොව..මව් කිරි දෙන අවධියේදි නිතර ජලය පානය කිරීම මව විසින් අනිවාර්‍යෙන් සිදු කල යුතුයි.එනිසා තම බිරිඳට නිතර එය මතක් කර දෙන්න.පසු ප්‍රසව අවස්ථාවේදි අසීරු කාලයක් ගත කරන මෙම කාල සීමාවේදී තම කැදැල්ලෙ සතුට රදා පවතින ප්‍රධාන පුරුක වෙන්න ඔබට කල යුතුව ඇත්තෙ ඉතා කුඩා මෙවැනි කැප කිරීම් පමණයි..

 

ඔබ දෙපළගේ උණුසුම අපේක්ශාවෙන් පැමිණ සිටින ආදරණීය අමුත්තාව දෝතින්ම තුරුලු කරගෙන පියෙකුගේ ආරක්ශාව ඔවුන්ට හිමි වන බව පෙනවා දෙන්න..

 


එදිනට ඔබ සැබැවින්ම ආදරණීය වගකීම් සහගත පිරිමියෙකු වනු ඇත.