Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබේ දරුවා හඳුනා ගනිමු
image

මව්පදවිය යනු ඉතා සංකීර්ණ ගමනක් වන අතර එය ප්‍රීතිය, අභියෝග සහ අත්දැකීම් ඔස්සේ ගමන් ගන්නා වූ නොපසුබට ගවේෂණයකි. රැකවරුන් ලෙස, ඊළඟ පරම්පරාව පෝෂණය කිරීම, ඔවුන්ගේ මනස හැඩගැස්වීම සහ ඔවුන්ගේ අනාගතය සමෘධිමත් කිරීමේ බරපතල කාර්යය අපට පැවරී ඇත. කෙසේ වුවද, එදිනෙදා ජීවිතයේ අවුල් සහගත තත්වයන් මධ්‍යයේ, දෙමව්පියන් සහ දරුවා අතර ඇති මෙම පූජනීය බැඳීමේ සංකීර්ණතා නැති කර ගැනීම පහසු කටයුත්තක් නම් නොවේ.

 

ශ්‍රී ලාංකේය ප්‍රජාව තුළ ගැඹුරින් අනුනාද වී ඇති මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශකවරියකි, එෂර්මා කාරියකරවන මහත්මිය. දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස, Parenthrive  අපි, අපගේ පළමු සිංහල සැසිය සඳහා සිය විශේෂඥ දැනුමෙන් දෙමාපිය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ඇයට ආරාධනා කර සිටියේ එනිසාමය. දෙමාපිය ප්‍රජාවෙහි අවශ්‍යතාවන්ට සරිලන පරිදි දරුවා හඳුනා ගනිමු යන මාතෘකාව ඔස්සේ අර්ථවත් සැසියක් හරහා දෙමාපිය ප්‍රජාවෙහි ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වූවාය.

 

කාරියකරවන මහත්මියගේ කතිකාවේ කේන්ද්‍රීය මාතෘකාව වූයේ දරුවා තේරුම් ගැනීමට නම් පළමුව මව්පදවියේ හරය අවබෝධ කරගත යුතුය යන මූලික පදනමයි. දෙමව්පිය වගකීම් ඉටු කිරීමේදී ස්වයං අවබෝධය හා දැනුවත්භාවය සහ තමා තුළින්ම විසඳුම් සෙවීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඇය මව්වරුන්ගේ සහ පියවරුන්ගේ තීරණාත්මක භූමිකාවන් පිළිබඳව ද අවධාරණය කළාය.

 

සාකච්ඡාවේ හරය වූයේ ඉතා සංකීර්ණ මාතෘකාවක් වන ළමා මානසික වර්ධනය දෙමව්පියන් සහ දරුවා අතර සබඳතාවය ගොඩනැඟීමට දායක වන අයුරු කෙසේද යන්නයි. දරුවන්ගේ සංජානන හා චිත්තවේගීය සංවර්ධනය කෙරෙහි දෙමව්පියන්ගේ මැදිහත්වීමේ ගැඹුරු බලපෑම පැහැදිලි කළ කාරියකරවන මහත්මිය අත්දැකීම් සහිත ඉගෙනුම් අගය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

 

සැසියේ මූලික අඩිතාලම වූයේ දරුවාගේ දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමයි. සමාජානුයෝජනකාරක යනු මොනවාද, දරුවකුගේ මොළයේ වර්ධනය සඳහා පවුල, පාසල, සමවයස් කණ්ඩායම්, ආගම, පරිසරය ආදි සමාජානුයෝජනකාරකවල බලපෑම පිළිබඳ කාරියකරවන මහත්මිය තවදුරටත් පැහැදිලි කර සිටියාය.

 

මව්පිය වගකීම, දරුවන් පෝෂණය කිරීම, දරුවන් සමාජානුයෝජනයට පත්කිරීම, පවුල තුළ දරුවාට සමාජ තත්වයක් ආරෝපණය කිරීම සහ දරුවාට භාවාත්මක පෝෂණය ලබාදීම යනාදිය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ එෂර්මා කාරියකරවන මහත්මිය දරුවා පරිසර සත්ත්වයකු කිරීමෙහි වටිනාකම පිළිබඳ අවධාරණය කළාය.

 

දෙමාපිය-ළමා සම්බන්ධතා ශක්තිමත් කිරීමේදී බාහිර සාධකවල බලපෑම ප්‍රධාන වේ. සමාජ බලපෑම්, කාරියකරවන මහත්මිය පැහැදිලි කළේ, දරුවෙකුගේ වර්ධනය පෝෂණය කිරීමට හෝ බාධා කිරීමට හැකි බවයි. ළමා අපයෝජනය, කායික, මානසික, සහ වාචික ලිංගික වෙනස්කොට සැලකීම යනාදි සංවේදී මාතෘකා ඔස්සේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව සහ බුද්ධිමය කුතුහලය වර්ධනය කරන පරිසරයන් නිර්මාණය කරන ලෙස ඇය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය.

 

දරුවෙකුගේ මූලිකම යහපැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමයි. කාරියකරවන මහත්මිය දරුවන්ගේ නිසිපෝෂණය සහ දුර්පෝෂණය පිළිබඳව සහ සමබර ආහාර වේලක් ලබාදීම, සෞඛ්‍ය සම්පන්න පුරුදුවල වැදගත්කම අවධාරණය කළ අතර, ශාරීරික ජීව ශක්තිය, සංජානන ශක්තිය සඳහා අඩිතාලම දමන බව පවසා සිටියාය.

සාරාංශයක් ලෙස, මෙම සැසිවාරය හුදු කතිකාව ඉක්මවා ගියේය; එය දෙමව්පියන්ට තම ස්වයං සොයාගැනීම් ඇසුරින් දැනුමින් බල ගැන්වූ මාපිය චාරිකාවක් ආරම්භ කිරීම සඳහා ක්‍රියා කිරීමට විවෘත ආරාධනයක් විය. මක්නිසාද යත්, නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක දෙමව්පියන් මුහුණ දෙන්නා වූ සංකීර්ණතා අවබෝධ කර ගනිමින්, අපගේ දරුවන්ගේ පූර්ණ හැකියාවන් සඳහා ඔප් නැංවීම සඳහා ඔවුන් පෝෂණය කිරීම ඉතා වැදගත් වන්නා වූ බැවිනි.