Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබේ බබාත් ඇඟිලි වලින් ගණන් හදන බබෙක් ද?
image

අද අපි ,පුංචි දරුවෙකුගේ මානසික  සෞඛ්‍යය වර්ධනය කරන්න ඔබට පොඩි ඉඟියක් ලබා දෙන්නම්.

 

සාමාන්‍යයෙන් කුඩා දරුවන් ස්වාභාවිකවම තමන්ගේ ඇඟිලි තුඩු භාවිතා කරමින් ක්‍රියාකාරකම් කරනවා ඔබ දැක ඇති.පෙර පාසල් යෑමට කලින් හෝ පෙර පාසල් යන වයසේ දරුවකු ඔබට සිටිනවා නම් ඔබ දැකලා ඇති ඔබේ දරුවා ඇඟිලි භාවිතා කරමින් එකතු කරනවා..අනෙකුත් ගණිතමය ක්‍රියාකාරකම් කරනවා.

 

දරුවෙකුගේ ඇඟිලිවලින් කරන මම ක්‍රියාකාරකම් නිසා හසරු හැකියාව බබාගේ මොළයේ බුද්ධිමය කරුණු සම්බන්ධ මධ්‍යස්ථානය හොඳින් උත්තේජනය කරනවා. වර්තමානය වන විට ලෝකය අලුතින් සොයාගෙන තියෙන කාරණාවක් තමයි ඇඟිලි වන ස්නායු සෘජුවම දරුවන්ගේ මොලයේ වර්ධනයට බලපාන බව.  ශිෂ්ඨාචාරගත වෙන්නට වසර ගණනාවකට පෙර ඉදන්ම මනුෂ්‍ය වර්ගයා ඇඟිලි භාවිතා කරමින් තමන්ගේ දඩයම් සොයා ගැනීම ,චිත්‍ර ඇඳීම, එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සිදුකළ බව ඔබ දැනටමත් දන්නවා. ඉතින් විද්‍යාඥයන් අලුතින් සොයාගෙන තිබෙනවා  ගණිතමය ගැටලු විසඳන බබාලාගේ ධාරණ ශක්තිය , අනෙකුත් බබාලට සාපේක්ෂව ඉතාමත් වැඩි බව.

 

බොහෝ වෙලාවන්හීදී දෙමව්පියන් විසින් දරුවන් මෙලෙස ඇඟිලි භාවිතා කර ගණිත ක්‍රම කිරීම වළක්වනවා. නමුත් වර්තමානය වන විට විද්‍යාඥයින් පවසන්නේ එලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා පමුණුවන්නට එපා කියලා.  සාමාන්‍යයෙන් වයස අවුරුදු 5ත් 6ත් අතර සිටින දරුවන් මෙම ක්‍රියාවන් නවත්වනවා.නමුත් ඔබට හැකි සෑම විටම දරුවාට උපදෙස් දෙන්න ඇඟිලි භාවිතා කරමින් ගණිත ක්‍රම විසඳන්නට.   ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකමක් වෙන අඩු කිරීමත් ඇගිලි තුඩු වලින්ම කරන්න ඔබ දරුවාට කියලා දෙන්න. මේ සෑම ක්‍රියාකාරකමකදීම  කුඩා සෙල්ලම් බඩු හෝ මදටිය ඇට හෝ ඉරටු හෝ ලබාදෙන්න.

 

ඇඟිලි තුඩුවල ස්නායු කෙලින්ම මොළයට බලපානවා වගේම දරුවා දකින දෘශ්‍යමය දේවල් පවා කෙලින්ම මොළයට බලපාන නිසාවෙන් මෙම දෙකම එකම තීරයක ගමන් කරවන්නට දරුවාට  උගන්වන්න.

 

කුඩා කල එලෙස ඇඟිලි තුඩු භාවිතා කර එකතු කිරීම සහ අඩු කිරීම කරන දරුවන්ගේ මොළයේ බුද්ධිමය කොටසේ වර්ධනය අනෙකුත් දරුවන්ට සාපේක්ෂව ඉතා ඉහළින් සුසර කරන්න පුළුවන් කියලා ඔවුන් සොයාගෙන තිබෙනවා.මොළයේ බුද්ධිය සම්බන්ධ මධ්‍යස්ථානයට ප්‍රමුඛවම බලපාන විෂය තමයි

 

ගණිතය කියන්නෙ. මේ ගැන උනන්දු කරවන්න.සිතීමේ ශක්තිය, තර්කන හැකියාව ඉතාමත් හොඳින් සුසර කරන්නට  මොළයට හැකියාවක් ලැබෙන්නේ මේ වගේ ක්‍රියාකාරකම් මගින්.

 

දරුවා සෑම විටම ක්‍රියාශීලීව කටයුතු කිරීමට පවා මෙම තත්ත්වයන් බලපානවා.මොලයේ අධි සංවේදී කොටස් වඩා හොඳින් ක්‍රියාත්මක කරමින් දරුවාගේ මතක ශක්තිය වර්ධනය කරන්නට මෙම ක්‍රමවේදය වර්තමානය වන විට ලොව පුරා සියලූම විද්‍යාඥයින් තෝරාගෙන තිබෙනවා.සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 හෝ 12 පමණ වන විට දරුවන් මෙම පුරුද්දෙන් ස්වභාවිකවම ඈත් වෙන නිසා කුඩා කල ඔබ බලෙන් පීඩනයක් යොදවා දරුවාව මෙම ක්‍රියාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න එපා.මෙම ක්‍රියාකාරකම්වල ධනාත්මක පැත්ත වගේම ඔබ එලෙස දරුවාට පීඩනයක් යෙදීමෙන් එම ක්‍රියාවන්  නැවැත්වීමෙන් ඇති කරන සෘණාත්මක බලපෑම පවා මොළයට දරුණු ලෙස බලපාන්නට හැකියාවක් තිබෙනවා.එම නිසා  ඔබේ දරුවාට ඔබ ඉඩ සලසා දෙන්න.

 

පුංචි දරුවන්ගේ මනස සුසර කරන්නට දැනටමත් බොහෝ පෙර පාසල්වල මෙම ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. එම නිසා අනාගතයේදී ඔබේ දරුවාත් බුද්ධිමත් දරුවෙක් කිරීමට ඔහුගේ/ ඇයගේ හසරු හැකියාවන් වර්ධනය කිරීමට දරුවාට උපකාරී වන්න.