Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ඔබේ දරුවාත් මේ වගේ ලැජ්ජාශීලී කෙනෙක් ද ?
image

ලැජ්ජාව අපි හැමෝටම දැනෙන සාමාන්‍ය දෙයක්. හැබැයි අපි අද කතා කරන්නේ ව‍ර්තමානයේ දරුවන් අතර දකින්න ලැබෙන අසාමාන්‍ය ලැජ්ජාව නැත්තම් සමාජ භීතිකාව ගැන, 

 

මොකක්ද මේ සමාජ භීතිකාව කියන්නේ ? 

මෙය දරුවාට දැනෙන සාමාන්‍ය ලැජ්ජාවක් නොවෙයි. මෙය දරුවාගේ හැගීම් සහ හැසිරීම යන දෙකටම දැඩි ලෙස බලපානු අතර, මෙම  භීතිය හෝ ලැජ්ජාව නිසා ‍යහලුවන් අතර කොන් වීමත් ,සහෝදරයන් අතර ගැටලු මතු වීමත්දැඩි ආතතිය නිසා අධ්‍යාපන බිද වැටීමටත්, කායික හෝ මානසිකව පිරිහීමක් ද ඇති වීමට ඉඩ කඩ පවතී. 

 

දරුවාගේ සිතිවිලි හා හැසිරීම් රටාවල දකින්න ලැබෙන ලක්ශන, 

  • යහලුවන්,ගුරුවරුන්, අමුත්තන් ඉදිරියට හෝ ස්ථානවලට යෑමට ඇති බිය 
  • සන්නිවේදනයේ දී දරුවා ඇස් වලින් සම්බන්ධ ඇති වීමට බිය 
  • අන් අය ඉදිරියේ දරුවා අනවශ්‍ය විනිශ්චයකට, අවමානයට ලක් වේ යැයි  ඇති බිය 
  • කතාව පැටලීම හෝ කතා කීරීම නො හැකි වීම 

 

දරුවාගේ  ශරීරයේ දකින්න ලැබෙන ලක්ශන 

  • දරුවාගේ ඔක්කාරය වැනි ගතියක් දක්නට ලැබීම 
  • අදික ලෙස දහදිය දැමීම 
  • හදවතේ ගැස්ම වැඩි වීම 
  • මුහුණ රතු වීම 
  • මාශපේශීන්ගේ තද ගතිය 
  • සන්නිවේදනයේ දී අත් සීතල වීම හෝ යම් ආකාරයක වෙවුලීමක් 

 

සමාජයේ බොහෝ දරුවන් අතර මෙය ඉතාමත් හොදින් දැක ගැනීමට හැකි වූවත් , ප්‍රතිකාර වලට යොමු නො කිරීම නිසා සමාජයෙන්  හුදකලා වීමට ඉඩක බොහොමයි. 

 

සමාජ භීතීකාව ඇති වෙන්නේ ඇයි ? 

මෙයට ජානමය හේතු මෙන්ම පාරිසරික හේතු ද බලපායි 

  • මොළයේ රසායනික ද්‍රව්‍යයන් (මොළය තුල ඇති රසායනික ද්‍රාව්‍යක් වන සෙරොටනින් ඇති වන අසමතුලිතතාව) 
  • මොළයේ ව්‍යුහාත්මක වෙනස්කම් (ඇමික්ඩෙලා මොළයේ ගැඹුරින් පිහිටා ඇති ඉන්ද්‍රියක්) 

 

පාරිසරික හේතු  

  • දෙමව්පියන්ගේ ගැට‍ළු වලට ගොදුරු වීම 
  • කුඩා කාලයේ දරුවෙකු අවමානයට ලක් වීම 
  • ලිංගික අපයෝජන යනාදිය මේ තත්ත්ව යන්ට හේතු වන බව විශේෂඥයින් සොයා ගෙන ඇත 

 

මෙයට ප්‍රතිකාර ලෙස, 

  • ඖෂධ  ප්‍රතිකාර 
  • මනෝචිකිත්සක උපදේශන ක්‍රමය  හඳුන්වා දිය හැකි. 

 

 එමෙන්ම දෙමාපියන් ලෙස නිවසේ දීම කල හැකි ක්‍රියාකාරකම්, 

  • දරුවාට පුංචි තෑග්ගක් දීම. 
  • දරුවා සමග ප්‍රසිද්ධ ස්ථානයකට කෑම ගැනීමට යෑම. 
  • අපි හිතමු දරුවා සාදයක සිටිනවා කියලා දරුවාට එහි සිටින පුද්ගලයන් සමග කතා කිරීමකිරීම ඉඩ සලස්වා දීම.