Parenthrive - Celebrating Parenthood, Embracing the Journey කූඩුව හිස් වීම: දරුවන් නිවසින් පිටව ගිය පසු ජීවිතයට හැඩගැසීම
image

වසර ගණනාවක් තිස්සේ ඔබේ නිවස ඔබේ දරුවන්ගේ සිනහවෙන්, කතා බහෙන් සහ අසීමිත ශක්තියෙන් පිරී තිබෙන්නට ඇත. කෙසේ වෙතත්, ඔවුන් වැඩිහිටියන් වී තමන්ගේම ගමනක් ආරම්භ කරන විට, වරක් කලබලකාරී වූ තම නිවෙස් කූඩුවේ හිස් බවක් දැනෙන්නට පටන් ගනී. බොහෝ විට කාංසිය - Empty Nest Syndrome ලෙස හඳුන්වන මෙම සංක්‍රාන්තිය දෙමාපියන්ට අභියෝගාත්මක නමුත් පරිවර්තනීය කාලයක් විය හැකිය. ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ධනාත්මකව වැළඳ ගන්නේ කෙසේද යැයි විමසා බලමු:

 

ඔබේ හැඟීම් පිළිගන්න

 ඔබේ දරුවන් නිවසින් පිටවී යන විට විවිධ හැඟීම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. දුක සහ තනිකම මෙන්ම ඔවුන්ගේ ස්වාධීනත්වය ගැන ඔබට දැනෙන ආඩම්බරය සහ උද්යෝගය වැනි මෙම හැඟීම් පිළිගැනීමට සහ අවබෝධ කරගැනීමට ඔබට ඉඩ දෙන්න. ඔබේ දරුවන්ගේ සුවිශේෂි සන්ධිස්ථාන සමරන අතරම එම වෙනස්කම් ගැන දුක් වීම සාමාන්‍ය බව මතක තබා ගන්න.

 

ඔබ සමඟ නැවත සම්බන්ධ වන්න

ඔබ සමඟ නැවත සම්බන්ධ වීමට සහ ඔබේ ආශාවන් සහ රුචිකත්වයන් නැවත සොයා ගැනීමට මෙම කාලය සහ නිදහස භාවිතා කරන්න. ඔබේ දරුවන් ඇති දැඩි කිරීමේදී ඔබ ගෙන් වෙන් වූ හා කාලය නොතිබූ විනෝදාංශ, ඉලක්ක සහ සිහින ගැන මෙනෙහි කරන්න. ස්වයං තෘප්තිය වෙනුවෙන් වන ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය කරන්න, පුද්ගලික සංවර්ධන අවස්ථා හඹා යන්න, සහ ඔබේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන්න.

 

සබඳතා ශක්තිමත් කරන්න

ඔබේ දරුවන්ගේ නික්ම යාමත් සමඟ ඔබේ පවුලේ ගතිකත්වය වෙනස් විය හැකි අතර, එය ඔබේ ජීවිතයේ අනෙකුත් සබඳතා පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට අවස්ථාවක් වනු ඇත. ඔබේ සහකරු සමඟ නැවත සම්බන්ධ වී ගුණාත්මක කාලයක් භුක්ති විඳින්න. මිත්‍රත්වයන් වර්ධනය කර ගන්න, ප්‍රජා ක්‍රියාකාරකම්වලට සහභාගී වන්න. ඔබේ අත්දැකීම් තේරුම් ගන්නා ආදරණීයයන්ගෙන් මේ සඳහා සහය ලබා ගන්න.

 

ඔබේ දරුවන් සමඟ සම්බන්ධව සිටින්න

ඔබේ දරුවන් ඔබෙන් ශාරීරිකව දුරස්ථව සිටියත්, විවෘත සන්නිවේදන මාර්ග පවත්වා ගනිමින් සම්බන්ධ වී සිටීමට අර්ථවත් ක්‍රම සොයා ගන්න. යාවත්කාලීනව, කතාන්දර, සහ අත්දැකීම් බෙදා ගැනීමට නිත්‍ය දුරකථන ඇමතුම්, වීඩියෝ කතාබස් හෝ පැමිණීම් හරහා උත්සාහ කරන්න. ඔබ සැම විටම ඔවුන් වෙනුවෙන් සිටින බව ඔවුන්ට දන්වන අතරම ඔවුන්ගේ ස්වාධීනත්වයට සහාය වන්න.

 

සහාය සොයන්න

ඔබ තනිවූ ලෙස හැඟෙමින් ජීවිතයට හැඩගැසීමට අරගල කරන්නේ නම්, මිතුරන්, පවුලේ අය හෝ වෘත්තීය උපදේශකයෙකුගෙන් සහය ලබා ගැනීමට පසුබට නොවන්න. කාංසිය සඳහා උපකාරක කණ්ඩායම් හෝ සබැඳි ප්‍රජාවන්ට සම්බන්ධ වීමෙන් මෙම සංක්‍රාන්තිය තුළ සැරිසැරීමට අවශ්‍ය වන දිරිගැන්වීම් සහ ප්‍රායෝගික උපදෙස් ලබා හැකිය.

 

ඔබේ ජයග්‍රහණ සමරන්න

ඔබේ දරුවන් ඇති දැඩි කිරීමේදී ඔබ ඉටු කළ කාර්යභාරය ගැන ආඩම්බර වන්න. දෙමාපියෙකු ලෙස ඔබේ ජයග්‍රහණය සමරන්න. වසර ගණනාවක් පුරා බෙදාගත් මතකයන්, සන්ධිස්ථාන සහ පාඩම් ගැන මෙනෙහි කරන්න. ඔබට අහිමි වී ඇති දේවලින් ඔබ නිර්මාණය කළ උරුමය සහ ඉදිරියෙහි ඇති බලාපොරොත්තු වෙත ඔබේ අවධානය යොමු කරන්න.

 

දරුවන් නික්ම ගොස් නිවෙස් කූඩුව හිස් වීම, මතකයන් ආවර්ජනය කරමින්, නිදහසේ, සංවර්ධනය වෙමින් තමාව නැවත සොයාගැනීමේ කාලයකි. ඔබව නැවත සොයා ගැනීමේ, සබඳතා ශක්තිමත් කිරීමේ සහ නව අවස්ථා වැලඳ ගැනීමේ මෙම ගමන සතුටින් වැලඳ ගන්න. විවෘත හදවතකින් සහ ධනාත්මක මානසිකත්වයකින් මෙම වෙනසට ප්‍රවේශ වීමෙන්, ඔබට මාපියත්වයෙන් ඔබ්බට තෘප්තිමත් සහ අර්ථවත් ජීවිතයක් නිර්මාණය කළ හැකිය. අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරුණු ඔබේ ජීවිතයේ වටිනා පරිච්ඡේදයක් ලෙස මෙම පරිචිඡේදය වැළඳ ගන්න.