Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දරුවෙකුගේ උපතින් පසු මානසික රෝග ඇති වන්නේ ඇයි?ඔබ සිතන්නෙ කුමක්ද?
image

දරුවා උපතින් පස්සෙ මුහුණ දෙන පාරිසරික ගැටලු, මානසික ගැටලු, පෝෂණ ගැටලු වගේම ලබන අය්හ්හපත් අත්දැකීම් නිසාත් දුර්වල මානසික තත්ව ඇති වෙන්න පුලුවන් . විශේෂයෙන් පෝෂණ ඌණතා නිසා මේක සිද්ධ වෙනවා. මොළයේ 70% ක් පමණ වර්ධනය වන්නේ මුල් මාස තුනේදි නිසාත් අවුරුදු 19 ත් 20 ත් අතර කාලයේ තවත් කොටසක් වර්ධනය වන නිසාත් ඒ කාලය ඇතුළත මොළයට අවශ්‍ය   යකඩ, හිමොග්ලොබින් වැනි මූලික පෝෂණ පදාර්ථ අඩුවීම දුර්වල මානසික තත්ත්වයක් ඇති කරවන්න හේතු වෙනවා.

 

මෙම රෝග තත්ත්වය හඳුනාගන්නේ කොහොමද?

 

මෙම රෝගී තත්ත්වය හදුනාගන්න පුළුවන් වෙන්නෙ වෛද්‍යවරයාට විතරයි. උපතේ ඉදන් මාස 3 ක් ඇතුළත ශරීර ලක්ෂණවලින් වගේම දරුවා දක්වන ප්‍රතිචාරවලින් වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය හදුනා ගන්නවා. සෞඛ්‍ය වර්ධන සටහනට අනුව ප්‍රතිචාරාත්මක ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් වෛද්‍යවරයා මෙන්ම දෙමව්පියන් ද දරුවා පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසා. මීට අමතරව අතේ ඇඟිලි විකෘති ස්වරූපයක් ගන්නවා නම් වගේම නිතර හදවත් රෝග ඇතිවේ නම් ඒවා දුර්වල මානසික රෝගී තත්වයන්ගෙ පූර්ව ලක්ශණ වෙන්නත් ඉඩ තියෙනවා.

 

ඔබේ චර්යා රටා මේ සඳහා බලපානවාද?

 

උපතින් පසුව ඇතිවන මානසික රෝගී තත්ත්වවලට සෘජුවම දෙමව්පියන්ගේ චර්යාව බලපානවා. ළමයාට ප්‍රතිචාර දැක්වීම අඩුවීම “එපා“, “බැහැ“ ලෙස දරුවා සෘණාත්මකව උත්තේජය කිරීම, ළමයා බිය වැද්දීම ආදිය කිසි විටෙක කරන්නෙපා. දෙමව්පියන් අතර ඇති වන ගැටුම් පවා දරුවාගේ මානසික තත්ත්වයට බලපානවා. ලෝකයේ කරලා තියෙන හුගක් පර්‍යේශණ වලින් සනාථ කරලා තියෙනවා බොහෝ මානසික ආබාධ සහිත දරුවන්ගේ පවුල් පසුබිම එතරම් සුබදායී නැති බව.බොහෝ විට දෙමව්පියන් වෙන්ව ජීවත්වන දරුවන්ට පවා මෙවැනි තත්ත්වයන්ට මුහුණදෙන්න ඉඩ තියෙනවා.මුල් මාස 3 දී මොළයේ වැඩි ප්‍රමාණයක් වර්ධනය වන බැවින් දරුවාගේ මානසික සමබරතාව මේ මාස තුනේදී ඉතාමත් වැදගත් කියලා විද්වතුන් උපදෙස් දෙන්නෙ ඒ නිසයි

 

මෙම තත්ව මහ හැරලා දරුවාගේ මානසික සමබරතාව පවත්වා ගන්නේ කෙසේද?

 

අභියෝගවලට මුහුණදෙන නිර්මාණශීලී දරුවෙකු බිහි වන්නට නම් මානසික සමබරතාවය කියන දේ ඉතාමත් අවශ්‍ය වෙනවා.

 

  • අවශ්‍ය පෝෂණය ලබාදීම.
  • ආදරය, රැකවරණය ලබාදීම.
  • ධනාත්මකව උත්තේජනය කිරීම.
  • අපචාරවලින් වළක්වා ගැනීම.
  • අනවශ්‍ය ලෙස ඉගෙනීමට යොමු කරමින් අනවශ්‍ය ලෙස පීඩනයට පත්නොකිරීම.
  • අනවශ්‍ය බිය ඇති නොකිරීම.
  • කායික ක්‍රියාකාරම් වලට යොමු කිරීම.
  • විනෝදාංශ වලට යොමු කිරීම.
  • මානසික සැනසීම ලබාදීම.

 

මෙහිදී ඔබ විසින් කළ යුතු වෙනවා.

 

දරුවාගේ පෞරුෂ වර්ධනයට මෙම රෝගී තත්ත්වය බලපානවාද?

 

සැබැවින්ම, දරුවාගේ පෞරුෂ වර්ධනයට මෙම රෝගී තත්ත්වය බලපානවා. දරුවාට අවශ්‍ය ආදරය සෙනෙහස නොලැබුණු විට මෙවන් මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම පසුකාලීනව දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් සිදු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් දෙමව්පියන් කාර්යබහුල වීම නිසා දරුවා කෙරෙහි අවධානය අඩුවීම දරුවාගේ මානසික වර්ධනයට බලපානවා. මේ නිසා දරුවා ක්ෂණික උත්තේජනවලට යොමුවන අතර දුර්වල පෞරුෂයක් හිමි අයකු ලෙස සමාජගත වෙනවා.

 

මේ තත්ත්ව මග හරවා ගන්නට නම් යහපත් අන්තර් සබදතා සහිත පවුල් පරිසරයක් නිර්මාණය කිරීමට දෙමව්පියන් වශයෙන් ඔබට  වගකීමක් තිබෙනවා. නීරෝගී දරුවෙකු තනන එකම නිර්මාණකරුවන් වෙන්නෙ ඔබයි.එම නිසා උපදින ඔබෙ දරුවාගේ නීරෝගිමත් ජීවිතයට අත්වැල සපයන්න දැන් ඉදන්ම කටයුතු කරන්න  

 

එම නිසා දරුවාගෙ හැසිරීම්, ප්‍රතිචාර ගැන ඉතා හොද අවධානයක් යොමු කරන්න.හැකි සෑම විටෙකම දරුවා සමග සම්බන්ද වන්න.