Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දෙමාපිය නොසලකා හැරීම නැතිනම් දෙමාපිය ප්‍රතික්ෂේප කිරීම දරුවන්ට බලපාන්නේ කෙසේ ද?
image

දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කිරීම හෝ දෙමාපිය නොසලකා හැරීම, නැතහොත් දෙමාපිය අවධානය නොලැබීම පුද්ගලයන්ගේ චිත්තවේගීය සහ මානසික යහපැවැත්ම කෙරෙහි ගැඹුරු සහ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කළ හැකිය. නොසලකා හැරීම, අතහැර දැමීම හෝ මානසිකව දරුවන් හා සම්බන්ධ නොවීම යනාදී ලෙස දෙමාපියන් දරුවෙකු ප්‍රතික්ෂේප කරන විට, එය දරුවාගේ ආත්ම-වටිනාකම සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමට ගැඹුරින් බලපෑම් කළ හැකිය. මෙහි ප්‍රතිවිපාක කිහිපයක්:

 

ආත්ම අභිමානය හීනවීම

දෙමව්පියන්ගේ ප්‍රතික්ෂේප කිරීම් අත්විඳින දරුවන් බොහෝ විට තමා නොවටී, තමා වැඩක් නැත සහ තමා මදි යනාදී හැඟීම් කුඩා කාලයේ දීම තමා තුළට අභ්‍යන්තරීකරණය කර ගනී. ඔවුන් ස්වයං සැකයෙන් සහ දෙගිඩියාවෙන් අරගල කළ හැකි අතර ධනාත්මක ස්වයං ප්‍රතිරූපයක් නිර්මාණය කර ගැනීමට අරගල කරයි.

 

මානසික සහ චිත්තවේගීමය අස්ථාවරත්වය

දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේප වීම නිසා දරුවන් තුළ දුක, කෝපය සහ පාවාදීම වැනි දැඩි හැඟීම් ඇති විය හැක. දරුවන් ඉහළ මානසිකමය හා චිත්තවේගීමය සංවේදීතාවයකට මුහුණ දිය හැකි අතර ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් පාලනය කිරීමට අපහසු වේ. මෙය ඔවුන්ගේ ජීවිතයේ විවිධ ආකාරයේ හැසිරීම් සහ ප්‍රතික්‍රියා මඟින් පෙන්නුම් කරනු ලබයි. තම හැඟීම් නිසි ලෙස සන්නිවේදනය කිරීමේ දී අපහසුතාවලට මුහුණ දීම සහ තමා පහත් කොට සිතීමට යොමු වේ.

සබඳතා ඇති කර ගැනීමේ දුෂ්කරතා

දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේප වීම දරුවන්ගේ අනාගත සබඳතාවලට බලපෑ හැකිය. මන්ද, ඔවුන් විශ්වාසය සම්බන්ධ ගැටළු සහ අත්හැරීමේ බිය සමඟ අරගල කළ හැකිය. ඔවුන්ට ආරක්ෂිත බැඳීම් ඇති කර ගැනීමට සහ අන් අය සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතා පවත්වා ගැනීමට අපහසු විය හැකිය. අවිශ්වාසය සම්බන්ධ හැඟීම් හේතු කොට ගෙන සමාජයෙන් ඈත්ව සිටීමට නැඹුරුතාවයක් දැක්වීමේ අවස්ථා ඇත.

 

මානසික සෞඛ්‍ය සබැඳි අභියෝග

අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ දෙමාපිය ප්‍රතික්ෂේප වීම් අත්විඳින දරුවන්ට පසුකාලීනව මානසික අවපීඩනය, කාංසාව සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි මානසික සෞඛ්‍ය ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි.  විවිධ මානසික පීඩාවලට මුහුණ දීමේ දැඩි අවධානමකට දෙමාපිය අවධානය නොලැබීම සහ ප්‍රතික්ෂේප වීම මුලිකවම බලපානු ලබයි.

 

අධ්‍යයන හා වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි බලපෑම

දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේප වීම දරුවාගේ අවධානය යොමු කිරීමට, පාසලේ හොඳින් ක්‍රියා කිරීමට සහ ඔවුන්ගේ අරමුණු සහ අභිලාෂයන් කරා යාමට ඇති හැකියාවට බාධාවක් විය හැකිය. ඔවුන්ගේ පුද්ගලික දියුණුවට, සාර්ථකත්වයට, ඔවුන්ගේ විශ්වාසය හා උනන්දුවට බාධාවක් විය හැකිය.

 

ශාරීරික සෞඛ්‍යට ඇති බලපෑම

දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවන ආතතිය සහ චිත්තවේගීය කැළඹීම්, ප්‍රතිශක්තිකරණය දුර්වල කිරීම සහ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීම වැනි ශාරීරික සෞඛ්‍යට හානිකර ප්‍රතිවිපාක ද ඇති කළ හැකිය.

 

පරම්පරාගත චක්‍රයක් නිර්මාණය කිරීම

මැදිහත් වීමකින් තොරවූව හොත්, මෙම මාපිය ප්‍රතික්ෂේප කිරීමේ චක්‍රය පරම්පරා ගණනාවක් පුරා පැවතිය හැකිය. ප්‍රතික්ෂේප වීම අත්විඳින දරුවන් අනාගතයේ දී තම දරුවන්ට ද ආදර‍ණීය සහ ආධාරක පරිසරයක් සැපයීමේ දී අරගල කළ හැකි අතර මෙලෙස මානසික නැතහොත් චිත්තවේගීය නොසලකා හැරීමේ සදාකාලික පරම්පරාගත චක්‍රයක් නිර්මාණය කරයි.