Parenthrive - Celebrating Parenthood, Embracing the Journey දෙමාපිය" තනතුර කෙරෙහි බලපෑ පැරණි ග්‍රාමීය පරිසරයේ දායකත්වය හා වත්මන් සමාජයේ දායකත්වය
image

මව,පියා සහ දූ දරුවන් පමණක් නොව තවත් බොහෝ සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් සැදුම්ලත් අතීත පවුල් පරිසරයන් සහ, එවැනි පවුල් විශාල සංඛ්‍යාවකින් සැදුණු " නාගරීකරණයේ මකර කටට බිලි නො වූ, එකිනෙකා අතර ඉතාමත් වටිනා, පරෝපකාරශීලී, එකමුතුබවේ ගුණා‍ංගයන් පැවැතුණු මිනිස් පිරිසක් වාසය කළ " ගම්බද පරිසරයන්ගෙන් ", දරුවන් ඇති දැඩි කිරීමේ කාර්‍යය සඳහා දෙමාපියන්ට ලැබුණේ මහඟු දිරිමත් කිරීමක්, දායකත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 

එහෙත්, එවන් පවුල් පරිසරයන් හෝ ග්‍රාමීය පරිසරයන් දැකිය නොහැකි අද දවසේ, එදා ඒ පරිසරයන් විසින් ඉටු කළ එම කාර්‍යභාරය, " දෙමාපියත්ව සමාජයන් " විසින් ඉටු කරනු ලබන්නේ කෙසේදැයි විමසා බලමු.

 

පෙර විස්තරයේ සඳහන් ආකාරයේ, ශ්‍රී ලාංකේය අතීත ග්‍රාමීය පරිසරයන්හි අපට දැකගත හැකි, " එක් එක් පවුල් පරිසරයන් අතර පවතින අන්‍යෝන්‍ය සුහදතාවය " හේතුවෙන්, එම එක් එක් පවුල්වල දෙමාපියන් - දෙමාපියන් සහ දරුවන් - දරුවන් අතර පවා ඉතා හොඳ, ආදරණීය, මානවීය සබදතාවයන් පැවැතුණි. මේ හේතුව නිසා, එම එක් එක් පවුල්වල දෙමාපියන්, තම දරුවන්ට අමතරව, ගම්මානයෙහි අනෙකුත් පවුල්වල සිටින, කුඩා දරුවන්, ළදරුවන් ආදීන් ගැන පවා සාමාන්‍ය අවබෝධයකින් හා අවධානයකින් පසුවිය. කාලයාගේ ඇවෑමෙන් එවැනි ගම්බද ප්‍රදේශයන් අතර පවා " නාගරීකරණය " ව්‍යාප්ත වීමෙන් හටගත් පරිසරයන්වල එවැනි තත්වයක් දැකගත නොහැකි වීම හේතුවෙන්, වර්තමානයේ එම වගකීම ' දෙමාපියත්ව සමාජයන් ' විසින් ඉටු කරනු ලබන ආකාරය පෙනේ. ඒ, " සාමූහික ක්‍රියාකාරකම් " සහ " වැඩසටහන් ", " හමුවීම් " ආදිය මගින් එවැනි දෙමාපියත්ව සංසඳයන්හි සාමාජිකත්වය ලබාගන්නා පවුල්වල දෙමාපියන් - දෙමාපියන් අතර සහ දරුවන් - දරුවන් අතර හොඳ අන්තර් සබදතාවයක් ගොඩනැගීම මගිනි.

 

එපමණක් නොව, මෙලෙස ' වඩා යහපත් දෙමාපියත්වය සඳහා වන සංවිධාන ' මගින් ගොඩනගනා, " වෙනස්, වෙනස් පවුල්වල, දෙමාපියන් සහ දරුවන් " අතර සුහදශීලී අන්තර් සබදතාවයන් මගින්, එකී එක් එක් පවුල්වල සාමාජිකයන් අතර හටගන්නා සංවාදයන් සහ අත්දැකීම් හුවමාරු කොටගැනීමේ අවස්ථාවන් මගින්, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ පමණක් නොව දරුවන්ගේත් දැනුම හා බුද්ධිය ක්‍රමානුකූලව වර්ධනය වේ.

 

මේ සෑම අවස්ථාවක්ම සිදුකරන තවත් දායකත්වයක් වන්නේ, " සමාජයේ කුඩාම තැනුම් ඒකකය වශයෙන් සලකනු ලබන ' පවුල ' හා එහි දෙමාපියන්, දරුවන් ඇතුළු සියලු සාමාජිකයන්ට දැනුම ලබා දීමත්, එක් එක් පවුල් අතර සබදතාවයන් ගොඩනැංවීමත් මගින්, ' දෙමාපියන් - කායිකව සහ මානසිකව හුදකලා වීම වැලැක්වීම ' හා එමගින් ඔවුන් සෞඛ්‍යමත් දෙමාපියන් පිරිසක් බවට පත් කිරීම " ය.

 

එමෙන්ම, අතීත ශ්‍රී ලාංකේය ග්‍රාමීය සමාජයන්හි අපට දැකගතහැකිවූ ආකාරයෙන්, " තමාගේ දරුවන් හෝ තමාගේ නොවන, ගමේ වෙනත් දරුවන් " ආදී බෙදීම් වලින් තොරව,  දරුවන්ගේ ජීවිතවල ජයග්‍රහණයන් හිදී අවංක සිතින් සතුටු වීමටත්, දරුවන්ගේ ජීවිතවල බිඳවැටීම් වලදී, ඔවුන් මානසිකව පීඩාවට පත්වන ලෙස ඔවුන්ව විනිශ්චය කිරීමකින් තොරව, ඔවුන්ට අවබෝධය හා දැනුම ලබා දීමට, මෙවන් ' දෙමාපිය සමාජයන්ගෙන් ', දෙමාපියන්ට පුහුණු කිරීමත් මගින්, මෙම ' වඩා යහපත් දෙමාපියත්වය ' පිළිබඳව පණිවුඩය, අතීත ගැමි සමාජය තුළ එය පැවැති අයුරින්ම ' සමාජගත කොට, මෙම සමාජය, වඩා යහපත් සමාජයක් කිරීමෙහිලා දායක වීම, මෙවන් ' දෙමාපියත්ව සංසඳයන් ' කටයුතු කරන ආකාරය මැනැවින් පෙනේ.