Parenthrive - Celebrating Parenthood, Embracing the Journey පිරිමි ළමයි බෝනික්කන් සමග සෙල්ලම් කිරීමෙන් ගැහැණු ළමයින්ගේ ගති ඇති කර ගනී
image

ඔබත් මෙහෙම හිතෙන අම්මෙක් ද? තාත්තෙක් ද?

 

දරුවෝ කියන්නේ මෘදු මොළොක් බවට ආස කරන පිරිසක් ඔවුන් නිතරම හොයන්නෙ උණුසුම හා ආරක්ෂාව. එම නිසා ගැහැනු හෝ පිරිමි භේදයකින් තොරව දරුවන්ට සමානව තමන්ගෙ චිත්තවේග එක්ක ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කරන සෙල්ලම් බඩු ලබා දෙන්න මොනම වෙලාවකවත් පසුබට වෙන්න එපා.

 

යහපත් වගේම අයහපත් චිත්තවේග ක්‍රමානුකූලව හසුරුවා ගනිමින් පාලනය කරන්නට ඔවුන්ට මෙම උපකරණ උවමනා වෙනවා.ඔබේ දරුවා ඉතා කුඩා දරුවෙක් නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය වන වෙලාවට එම උපකරණ ලබා ගැනීමට ,එයට ලඟා ළඟාවීමට හැකි ස්ථානයක නිතරම ඒවා තබන්න වග බලාගන්න.

 

 පෙර සඳහන් සදහන් කර ඇති කිසිදු පදනමක් නැති මිථ්‍යා මතය ඔබේ සිතින් බැහැර කරන්න.කාර් සමග සෙල්ලම් කරන ගෑනු ළමයි පිරිමි ගති ඇති කරගන්නේ නැහැ.ඒ වගේම තමයි පිරිමි දරුවනුත් බෝනික්කන් සමග සෙල්ලම් කිරීමෙන් ඔහුගේ සංවර්ධනයට හා පෞරුෂයට හානියක් ඇති වන්නේ නෑ. දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම ගැහැණු ළමයින් යනු තමන් වගේම පිරිසක් බව ඔවුන්ගේ මනසට දනවන්නට මේක හරිම කදිම සෙල්ලම් බඩුවක්.

 

වර්තමානයේ තරුණ පරම්පරාව අතර බොහෝ විට බොහෝවිට කාන්තාවන්ට ගරු කිරීම අඩුකමක් එහෙම නැතිනම් කාන්තාවන්ට අනවශ්‍ය ලෙස විහිළු තහළු කරමින් අපහසුතාවයට පත් කිරීම කියන දේවල් හරිම සුලභව දකින්නට ලැබෙනවා. නමුත් ඔබේ පුතා කුඩා කල සිටම සංවේදී මනසක් ඇති කාරුණික මෘදු මොළොක් ගති ඇති දරුවෙක් බවට පත්කරන්නට ඔබේ දරුවාටත් බෝනික්කන් සමග සෙල්ලම් කරන්නට ඉඩ දෙන්න."මේ දේවල් අයිති ගෑනු ළමයින්ට විතරයි මේ දේවල් අයිති පිරිමි ළමයින්ට විතරයි" යන මතය නම් කිසිම විටෙක දරුවාගේ මනසට ඇතුළු කරන්න එපා.

 

ඔබගේ දරුවා දුවෙකු නම් ඇයට රෝස පාට ඇස් වලින් විතරක් ලෝකය දිහා බලන්නට කියා දෙන්න එපා.නිල්පාට ඇස් වලිනුත් ලෝකෙ දිහා බලන්නට කියා දෙන්න. එවිට ඇය ඇයගේ ආරක්ෂාව පිළිබඳව  යම් අවබෝධයක් ලබා ගනීවි. ඔබේ දරුවා පුතකු නම් කිසිම විටක නිල්පැහැ දෑසකින් ලෝකෙ දිහා බලන්නට හුරු කරවන්න එපා.මෘදු මොළොක් ගති ඇති රෝස පැහැයෙන් පවා ලෝකේ දිහා බැලීමට හුරු කරවන්න. තමන්ගේ ආරක්ෂාව සලකා ගනිමින් ලෝකේ දෙස සංවේදීව හා  කාරුණිකව බැලීමේ පරිණත මිනිසුන් දෙදෙනෙකු බිහි කිරීමේ වගකීම ඔබ සතුයි.