Parenthrive - Celebrating Parenthood, Embracing the Journey පූර්ව ළමාවිය අධ්‍යාපනය" කියන්නේ මොකක්ද?
image

දරුවන්ගේ මොළයේ වර්ධනයට මුල් ළමාවිය තුළ ලබන අධ්‍යාපනය ගොඩක් දුරට බලපානවා. දරුවන් දැඩි ලෙස අධ්‍යපනය සදහා තල්ලු කරන්නෙ නැතිව නිර්මාණශීලීත්වය සඳහා ඉඩකඩ ලබා දෙද්දි දරුවන් හරිම දක්ශ ආකාරයෙන් එයාගෙ ගමන හදාගන්නවා. මේ හේතුව නිසා බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දීම  සමඟ වැඩිපුර කාලයක් ගත කරන්න මේ වන විට හුරු වෙලා ඉන්නවා.ඒක බොහෝම සාධනීය තත්ත්වයක් ලෙස අපිට පෙනී යනවා. නිවැරදි මුල් ළමා විය අධ්‍යාපනය තුලින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව ඔවුන්ට හැඟෙන ආකාරය ඔවුන්ට උගන්වන බව ඒකෙන් අපිට පේනවා.පසු කාලීනව දරුවාගේ උසස් අධ්‍යාපන තත්ත්වය සදහා මේක ඉතාමත් ඉහළ මට්ටමෙන් බලපානවා කියලා ව‍ර්තමාන විද්වතුන් මේ වන විට පිළි අරගෙන තියෙනවා.

 

මේ කාලය ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයකට බෙදනවා.

 

???? මුල් ළමාවිය අධ්‍යාපනය මූලික වශයෙන් වයස අවුරුදු තුන සහ පහ අතර දරුවන් සඳහා යොදා ගැනෙනවා. පෙර පාසැල්(preschool), පූර්ව ළමා බළකාය(pre-kindergarten), දිවා සුරැකුම්(daycare), පූර්ව පාසැල (nursery school )හෝ සරල  අධ්‍යාපනයක් ලබා දෙන ස්ථානයක්  විදියට හදුන්වනවා.

 

විවිධ නම් තිබුණත් ඒ සියල්ලේම අරමුණ එකයි. මූලික අධ්‍යාපනය සඳහා දරුවන් සූදානම් කිරීම හරහා ඇත්ත වශයෙන්ම දරුවාගෙ අධ්‍යාපනය විතරක් නෙමෙයි ඔබ හා දරුවා ඇතර ඇති සම්බන්ධතාවයද වර්ධනය වෙනවා. ප්රාථමික පාසලට පෙර ඔබේ දරුවන්ට විශේෂ අවධානයක් දීම ඔවුන්ගේ අනාගතය සඳහා හිස ආරම්භ කිරීම සඳහා උපකාරි වෙනවා.ඔබ දැනටමත් එය පිළිගන්නවා ඇති.

 

මුල් ළමාවිය අධ්‍යාපනයේ අරමුණ කුමක්ද?ඔබේ අදහස කුමක්ද?

 

???? මුල් ළමාවිය අධ්‍යාපනය කුඩා දරුවන්ට ලබා දෙන පුහුණු වැඩසටහනකට සමානයි. දරුවන්ගේ සිත්ගන්නාසුලු අනාගතයක් උදෙසා සමාජයීය, චිත්තවේගාත්මක, ශාරීරික හා සංජානනීය සංවර්ධනයක් පන්තියේදී ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් මෙය සංවිධානය කරලා තියෙනවා. හරියාකරව සිදු කළොත්, දරුවන්ට ඉගෙනුම පිළිබද දිගු කාලීන ඇල්මක් වර්ධනය කිරීමට මේ අවධිය ඉතා ලොකු කාර්‍යයක් ඉටු කරනවා.

 

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ප්රතිලාභ ගැන ඔබ හිතන්නෙ කුමක්ද?

 

???? කුඩා මනස හරියට ස්පොන්ජ් වගේ. බොහෝ තොරතුරු  ප්රමාණයක් අවශෝෂණය කරගැනීමේ හැකියාව එයාට තියෙනවා. ඒ නිසා හරි මග පෙන්වීමක් මේ අවධියේදී දරුවාට අනිවාර්‍යෙන් ලැබෙන්න ඕන.

 

ඇත්තටම මේ ක්‍රමවේදය ඇතුළේ ඔබේ දරුවාට ලැබෙන ප්‍රතිලාභ මොනවද??

 

  1. සමාජගත කිරීම

 

මිනිස්සු කියන්නෙ ඇත්තෙන්ම සමාජයීය සත්ව කොට්ඨාශයක්. පෙර පාසලේ දී පවුලෙන් බැහැර ආරක්ෂිත පරිසරයකදී, දරුවන්ට තම වයස්වල සිටින අයව හමු වන නිසා, "සමාජයීයකරණය" සහ "මිත්රත්වයේ" අත්දැකීම් ඔවුන් මින් විදින්නට පටන් ගන්නවා.  දරුවන්ට ඔවුන්ගේ ලජ්ජාශීලී ස්වභාවය නැති කර දැමීමට වගේම ඉදිරිපත් වීමේ ගුණය වර්ධනය කර ගැනීමට මේ ක්‍රමවේදය උදව් කරනවා.

 

  1. සහයෝගීතාව ඉහළ නංවා ගැනීම

 

මෙම අදියරේදී දරුවන්ට බෙදාහදා ගැනීම, සහයෝගිතාව, පසු බැසීම වැනි දේ ඉගෙන ගන්න පුළුවන්. මේ සියල්ල සුරක්ෂිත සමාජ ජීවිතයක් සදහා ඕනෑ වෙනවා. මේ දේ,  බෙදා හදා ගැනීමට අකමැති ඇතැම් විටෙක ආත්මාර්ථකාමී  පවුලේ එකම දරුවා වන අයට විශේෂයෙන් ප්රයෝජනවත් වෙනවා. සපයන සුරක්ෂිත වාතාවරණය තුළ, දරුවා වෘත්තීයවේදීන්ගෙන් මඟ පෙන්වීම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගෙන ගන්නා නිසා මව්පියන්ට මේ ගැන බිය වන්නට දෙයක් නෑ.

 

  1. උනන්දුව ඇති වීම.

 

ජීවිත කාලය පුරා ඉගෙනීම සඳහා උනන්දුවක්

විනෝදජනක හා උද්යෝගිමත් ක්රියාකාරකම් මගින් උගන්වනවා නම් දරුවන් ඉගෙන ගැනීමට ආසාවක් වර්ධනය වෙනවා. ඉගෙනීම සඳහා ඇතිවෙන මෙම උද්යෝගය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවතිනවා.

 

 

මීට අමතරව තව බොහෝ ප්‍රතිලාභ ගැන ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්.අපගේ මීලග ලිපිය සමග රැදී සිටින්න.