Parenthrive - Celebrating Parenthood, Embracing the Journey මොකක්ද මේ 1929 ?
image

1929 - ජාතික ළමා ආරක්ශක අධිකාරිය-පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ඇමතුම් සේවයකි ..

 

ලොව අපයෝජනයට ලක්වන දරුවන් සෑම 6 දෙනෙකුගෙන් 40%ක්ම එම අපරාධයට ගොදුරුව ඇත්තේ ඔවුන් හොදින් අදුනන අය විසින් දරුවාට බොහෝ හුරු පුරුදු ස්ථාන වලදී බව ඔබ දන්නවාද???

 

ඉතින් දවසින් දවස දරුවන්ට වන අකටයුතුකම් සහ අතවරයන් වැඩි වෙමින් යන වකවානුවක ඔබේ හය හතර නොදන්නා දරුවාගේ පිංතූරයක් සමාජගත කිරීමට ප්‍රථමව ඔබ දහස් වතාවක් සිතන්න

 

????දරුවා අකමැති අයවලුන් සමග දරුවා තනි කරන්නට එපා.කායිකව මෙන්ම මානසිකව හිංසනයට පත්වන දරුවා නැවත කිසි දිනෙක ප්‍රක්‍ර්ති තත්වයට පත් නොවීමට ඉඩ තියෙනවා.

 

????ඔබේ දරුවාගේ පිංතූරයක් හෝ වීඩියෝවක් කිසි විටෙකත් මුදලට විකිනෙන්නට ඉඩ හරින්නෙපා..ඔබම එයට පාර කපන්නත් එපා. කරදරයකට අත වනා ඔබේම දරුවාව මහත් ව්‍යයසනයකට තල්ලු කරන්නෙපා. යම් අවස්ථාවක එලෙස සිදුවී ඇති බව දැනගතහොත් වහාම ඉක්මනින් නීතියේ සහය පතන්න.වැඩිහිටි ඔබේ වගකීම තේරුම් ගෙන කටයුතු කරන්න.කිසිවෙකුට කිසිම අවස්ථාවක ඔබේ දරුවා පාවිච්චි කරන්න දෙන්න එපා.

 

????දරුවා අකමැති ස්පර්ශයන් වලට දිගින් දිගටම දරුවාව යොදවන්නෙපා.ඔබේ සෙවණ යට ඔහුගේ/ඇයගේ ආරක්ශාව තහවුරු බව කුඩා දරුවන්ට ඒත්තු ගන්වන්න.කිසිවෙකු දෙන දෙයක් හෝ ක්‍රියාවක් නිසා දරුවාගෙ හැසිරීම් වල සිදු වන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න.බොහෝ විට දරුවන් සියල්ල සගවා සිටින බැවින් ඔබ ඔබේ දරුවාගේ ප්‍රියතම යහළුවා වන්න.

 

දරුවා ඔබේම වුවද වෙනත් අයෙකුගේ වුවද ඔහු/ඇයගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය ඔබ සතුව නෑ. දරුවකු බිහිකල පමණින්ම ඇය/ඔහුගේ සම්පූර්ණම අයිතියත් ඔබ සතුව නෑ.ඔබට අවැසි විදියට දරුවා පාවිච්චි කරන්න ඔබට අයිතියක් නෑ... ඇය /ඔහු වැඩිහිටියකු වනතාක් ඔබ ඔවුන්ගේ භාරකරු පමණක් වන වග මතක තබා ගන්න.

 

දරුවා ඉපදුනු පසුව පමණක් නොව ඉපදීමට පෙර සිටම ආරක්ශා කරන්නට නීතිය සැදී පැහැදි සිටින බව ඔබ නොදන්නවා ඇති.ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විශේශයෙන් නූපන් දරුවන්ට පාඩු කිරීම, ගබ්සා කිරීම, ළදරුවන් අත් හැර යාම මෙන්ම දරු උපත් සැගවීමට එරෙහිව නීති සම්පාදනය කරලා තියෙනවා.ඉතා දැඩි දඩුවම් පමුණුවා තිබෙනවා.බන්ධනාගාරගත කිරීම මෙන්ම දඩයකටද වරදකරු යටත් වෙනවා.

 

බාල ගැහැනු ළමුන් සමග කාමුක සංසර්ගය,සාපරාධී බලහත්කාරය,අපයෝජනය,අඩත්තේට්ටම්,අපචාර,අයුතු අවහිරය හා අයුතු සිරකොට තැබීම්,තුවාල කිරීම් වලට පවා දැඩි නීති තිබෙනවා.

 

ඔබේ අතෙහි රැදි සිගරැට්ටුව, දුම් කොළය, මත්පැන් වීදුරුව පසෙකලා හැකී නම් දණ්ඩ නීති සංග්‍රහය රැගෙන කියවන්න.ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි සේ සරලව සියලුම අපරාධ හා දඩුවම ගැන එහි සදහන් කරලා තියෙනවා.ඔබ දිනකට නාස්ති කරන මුදල එය ගැනීමට යොදවන්න..ඉලක්කම් තුනකට මිල කර ඇති එහි වටිනාකම ඉලක්කම් කෝටියක ප්‍රමාණයටත් වඩා වටින වග ඔබට වැටහේවි.එතරම් සුලු මුදලකට ප්‍රකාශයට පත් කර අලෙවි කරන්නේ ඔබට,මට එය කියවා ලංකාවේ අපරාධ වලට සම්බන්ද නීතිමය තත්වය හා දඩුවම ගැන අවබෝදයක් ලබා දීමට මිසක වෙනත් හේතුවක් නිසා නොවේ.

 

අපරාධ වීමට පෙර වළක්ව ගැනීමටත් එහි බරපතළකම වටහා දීමටත් ඔබ වෙනුවෙන් එතරම් සුළු මිලකට ඉදිරිපත් කර ඇති එය රැගෙන කියවන්න..එලෙස හෝ නීතිය ගැන දැනුවත් වන්න..ඔබේ වගකීම ඉටු කරන්න.

 

අවසානයේ කීමට ඇත්තේ,

ලෝකයේ අනාගතය ගැන නීතිය සීරුවෙන් සිටින වග සිහියේ තබා ගන්න