Parenthrive - Celebrating Parenthood, Embracing the Journey යොවුන් වියේ දරුවන්ගේ දියවැඩිය තත්වය හදුනා ගනිමු.
image

Parenthrive මගින් සංවිධානය කරනු ලබන Parenthrive “යොවුන්  දරුවන්ගේ දෙමාපියන්" සමාජයෙහි ආරම්භක හමුව අගෝස්තු මස 31 වන දින ප.ව. 8.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.යොවුන් වියේ දරුවන්ගේ දියවැඩියා තත්වය පිළිබඳව අවබෝධ කරගැනීම සහ වැළැක්වීම සදහා ආචාර්ය චමරි මණ්ඩිතගේ ( වෛද්‍ය සම්බන්ධීකාරක - සුව දිවිය ) මහත්මිය විසින්  දෙමාපිය මාර්ගෝපදේශනයක් අපගේ දෙමාපියන්ට ලබාදුනි.


දියවැඩියාව යනු කුමක්ද?

පූර්ව දියවැඩියාව - දියවැඩියාව රුධිරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩිපුර තිබීම පූර්ව දියවැඩියාව ලෙස හැදින්වේ. පූර්ව දියවැඩියාව ඉක්මවා රුධිරයේ සීනි මට්ටම ඇත්නම් එය දියවැඩිය තත්වයයි.


දියවැඩියාවේ රෝග ලක්ෂණ 

 

  • නිතර මුත්‍රා කිරීම
  • අධික පිපාසය 
  • අධික කුසගින්න 
  • බර අඩු වීම 
  • උනන්දුඅව නොමැතිකම 
  • අත් හෝ පාද වල හිරිවැටිම 
  • නොපැහැදිලි පෙනීම
  • නිතර සිදුවන ආසාදන
  • සෙමින් සුව වන තුවාල 

 

දියවැඩියාවේ අවදානම් සාධක 

     

  • අවුරුදු 45 වැඩ වැඩි පුද්ගලයන්
  • දියවැඩියාවේ පවුල් ඉතිහාසය
  • ගර්භණී දියවැඩියාවේ පෙර ඉතිහාසය
  • උදාසීන ජීවන රටාවන්
  • පුළුල් ඉණ සහ උකුල් අනුපාතය සමඟ අධික බරින් සිටීම
  • පූර්ව දියවැඩියාව සඳහා මායිම් රුධිර සීනි ඉතිහාසය
  • වෙනත් පරිවෘත්තීය / හෝමෝන ආබාධ ඇති වීම
  • අධි රුධිර පීඩනය සහ ලිපිඩ මට්ටම ඉහළ යාම
  • විශාල උපත් බර ළදරුවන්

 

ඔබේ අවදානම් මට්ටම කුමක්ද?

 

  • අඩු අවදානම් තත්වය         -    < 2 අවදානම් සාධක 
  • මධ්‍යම අවදානම තත්වය    -      2 - 4 අවදානම් සාධක 
  • වැඩි අවධානම් තත්වය       -   >4 අවදානම් සාධක



දියවැඩිය රෝගයෙන් මිදීමට තමන් තමන්ගේ ජීවන රටාවෙ වෙනසක් ඇති කරගන්නේ කෙසේද?

 

  • බර අඩු කරගන්න

 

  • සෞඛ්‍යසම්පන්න අහාර ගැනීම.

( ධාන්‍ය වර්ග තොරාගැනීම , වැඩිපුර එළවළු ආහාරයට ගන්න, සීනි සහිත බීම වර්ග පානයෙන් වළකින්න, රතු මස් සහ සැකසූ මස් සීමා කරන්න, ලුණු තේ හැන්දක් සහ සීනි තේ හැදි හයක්)

 

  •  ශාරීරික ක්‍රියාකරකම්
    ( වාඩි වී සිටින කාලය සීමා කරන්න, දවස පුරා ක්‍රියාකරීව සිටින්න, බර ඔසවන ආකාරයේ ක්‍රියකාරමකම් වල යෙදෙන්න, සෑම දිනකම මිනිත්තු 30 ක් මධ්‍යස්ථ වේගයකින් ව්‍යායාම කරන්න) 

 

  • දුම් පානය නතර කිරීම 
    ( දියවැඩියාව වැලදීමේ සම්භාවිතවය  50% කින් වැඩි කරයි. )

දියවැඩියා රෝගයේ නොකියූ පැත්ත

 

  •  ප්‍රතික්ෂේප කිරීම
  •  පීඩාව
  • මානසික අවපීඩනය


සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ වෛද්‍ය ප්‍රතිකාර මගින් දියවැඩියාව පාලනය කළ හැකිය. හොඳින් ආහාර ගැනීමෙන්, ව්‍යායාම කිරීමෙන් සහ රුධිර සීනි නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයන්ට සංකූලතා අවම කර ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකිය. දියවැඩියා රෝගය ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා කල් ඇතිව හඳුනා ගැනීම, නිරන්තර සත්කාර සහ ප්‍රජා සහයෝගය අත්‍යවශ්‍ය වේ.