Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ළමා අපයෝජනයට තිත තබමු
image

දරුවා යනු ශ්‍රී ලංකාවේ නීතියට අනුව කවුරුන්ද යන්න ගැන ඔබ දන්නවාද?

 

ශ්‍රී ලංකාවේ නීතිය මඟින් මඟින් දරුවකු කියා හඳුන්වන්නේ වයස අවුරුදු දහ 18ට අඩු පුද්ගලයෙක්

 

ලෝකයේ දරුවන් වෙනුවෙන් ලබාදී ඇති ප්‍රමුඛස්ථානය ගැන ඔබ දන්නවාද?ලංකාව තුළ වගේම ලංකාවෙ එළියෙ දිනකට බොහෝ දරුවන් ප්‍රමාණයක් අපයෝජනයට ලක් වෙනවා.මෙම තත්ත්වය  ඇතුළුව දරුවන්ට අහිතකර සියලුම තත්ත්වයන් පාලනය කිරීමට ලෝකය පුරා විවිධ ආයතන, විවිධ සමාගම් ,සංවිධාන ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඔබ මේ වන විටත් දැනුවත් නැතිනම් මෙම තොරතුරු  ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

 

  • 1970- එක්සත් ජාතීන් ලෝක ළමා ළමා දිනය ප්‍රකාශයට පත් කළා
  • 1989ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ප්‍රකාශයට පත් වුණා (Child Right Convention )
  • 1991-ශ්‍රී ලංකාව මෙම සම්මුතියට  අත්සන් කර එය අනුමත කලා
  • 1998- ළමා ආරක්ෂණ අධිකාරියේ පනත ( 1998 අංක 50 දරණ ළමා ආරක්ශණ අධිකාරි පනත)

 

NCPA අර්ථ දැක්වීමට අනුව ළමා අපයෝජනයක් කියලා කියන්නේ දරුවෙක් සම්බන්ධ ඕනෑම අයුතු ක්‍රියාවක් හෝ අතපසු කිරීමේ ක්‍රියාවක් වන අතර එය පහත ඇති ඕනෑම විධානයකට පටහැනි වීමක් කියලා හඳුන්වනවා.

 

එක්සත් රාජධානියේ අර්ථ දැක්වීම අනුව වැඩිහිටි වියට පා තබන ඔවුන්ගේ ආරක්ෂිත හා සෞඛ්ය සම්පන්න සංවර්ධනයට හානි කරන ඕනම ක්‍රියාවක්  ළමා අපයෝජනය ගණයට වැටෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.

 

නීතිය තුළ සමන් ළමා අපයෝජනය සහ නොසලකා හැරීම අර්ථ දක්වන්නෙ " යමෙකු හානියක් සිදු කිරීම හෝ දරුවෙකුට සිදු වන හානිය වැළැක්වීමට අපොහොසත් වීම" ලෙසයි.

 

ඔබට වැටහෙනවද ඉන් ප්‍රකාශ කරන්නේ දරුවකුට හානියක් සිදු කිරීම පමණක් නොව දරුවකුට සිදුවන හානිය වැලැක්වීමටත් ඔබ අපොහොසත් වුවහොත් එයත් එක්තරා ආකාරයකට ළමා අපයෝජනයක් ගණයට වැටෙනවා කියන එක???

 

සාමාන්‍යයෙන් ළමා අපයෝජන වර්ග කීපයක් තිබෙනවා.බලන්ඩ ඔබ අවට ප්‍රදේශය තුළ ඔබට මෙවැනි අවස්ථා දකින්නට ලැබී තිබෙනවා ද කියා සහ එහි පිළිබඳව ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියා.

  • ශාරීරික
  • ලිංගික
  • මානසික
  • නොසලකා හැරීම
  • ප්‍රේරිත රෝගාබාධ
  • හිගමන සදහා දරුවන් යොදා ගැනීම
  • හිතාමතා මත්ද්‍රව්‍ය හෝ විශ ශරීරගත කිරීම
  • ළමා ශ්‍රමිකයන්
  • අනවසරයෙන් හමුදා සදහා ළමුන් බදවා ගැනීම
  • ළමා කාමුක දර්ශන
  • ළමා ගණිකා රැකියාව
  • ළමා විවාහ
  • ආබාධිත තත්වයට පත් කිරීම
  • ගැහැණු ලිංගික අවයව විකෘති කිරීම
  • දරුවන් වෙළඳාම් කිරීම

 

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ගත්විට 286(A) ,288(B), 288 යන වගන්තිවලින් ප්‍රධාන වශයෙන්ම ළමයින්ට අදාළව කරන ලබන අසභ්‍ය පලකිරීම් හා ප්‍රදර්ශන ආදිය අපරාධයක් බවත් ඒ සඳහා දෙනු ලබන දඬුවම පිළිබඳව සඳහන් කරනවා.ඒ වගේම 288 (බී )වගන්තියෙන් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමයින් සේවයට ගැනීම තහනම් කරමින් අනෙක් වගන්තිය හරහා දරුවන් හිඟමනට යෙදවීම හෝ ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා.

 

ඔබට විවේකයක් ලද අවස්ථාවක් තිබුනොත් දණ්ඩ නීති සංග්‍රහය රැගෙන දරුවන් පිළිබඳව එන කොටස කියවා බලන්න.සමහර විට ඔබේ ඇස් වලට ඇස් වලට පෙනි පෙනී දරුවන් අපයෝජනයට ලක්වන අවස්ථා ඕනෑ තරම් මේ වන විටත් සිදු වනවා වන්නට පුළුවන් නමුත් ඔබ එය ප්‍රයෝජනයක් ද නැද්ද යන්න පිළිබඳව නොදන්නවා වන්නත් පුළුවන්. එම නිසා හැකි සෑම අවස්ථාවකම දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න දරුවන් ඔබේ ඇස් මානයේ තබාගන්න.

 

අනෙක් දරුවන්ද ඔබේ දරුවා හා සමාන යැයි සිතා කටයුතු කරන්න.