Parenthrive - Celebrating Parenthood, Embracing the Journey ළමා මානසික රෝග හඳුනා ගන්නේ කොහොමද?
image

ළමා මානසික රෝග තත්ත්වයක් කියන්නේ කුමක්ද? එවැනි රෝග තත්ත්වයකින් පෙළෙන දරුවෙකු හදුනා ගන්නෙ කොහොමද ? මේ ගැන වැඩිහිටියන් වශයෙන් ඔබට තිබෙන අත්දැකීම් මොනවද?

 

ළමා මානසික රෝග ප්‍රධානම වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.

???? දරුවාට උපතින් ඇති වන රෝග තත්ත්ව   

????දරුවාගෙ උපතින් පසුව වර්ධනයේ යම් යම් දුර්වලතා නිසා ඇති වන රෝග තත්ත්ව

 

මුලින්ම අපි ,උපතින් ඇති වන මානසික රෝග පිළිබඳව අවධානය යොමු කරමු.ඔබ ඒ ගැන දැනුවත්ද?

 

ජානමය වශයෙන් උපතින් ඇතිවන රෝග තිබෙන දරුවන්ගේ මනස වර්ධනය වෙන්නෙ හුගක් සෙමින්. ඒ දරුවන් ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙ අනෙක් දරුවන්ට සාපෙක්ශව මදක් අඩුවෙන්. තමන් කියන දේ පිළිබඳ අවබෝධයක් තිබෙන්නෙත් අඩුවෙන්.බොහො වෙලාවට මෙවැනි දරුවන් ඉක්මන් කේන්තිකාරයන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැ කේන්ති ගන්න හැම දරුවෙක්ටම මේ වගේ යම් මානසික ආබාධමය තත්වයන් තියෙනවා කියන එක.ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා.

 

කොහොම නමුත් මෙවැනි දරුවන් බොහෝමයක් සංගීතයට, නර්තනයට වගේම චිත්‍ර අදින්න බොහෝ කැමැත්තක් පෙන්නුම් කරනවා.ඇත්ත වශයෙන්ම ඔවුන් බොහෝ විට කලාකාමී අදහස් දරනවා.

 

ඒ සඳහා බලපාන හේතු මොනවද කියලා යම් දල අදහසක් දෙමාපියන් වශයෙන් ඔබට තිබීම වැදගත් වෙනවා.

 

ගර්භණී අවස්ථාවේ අම්මගෙ දුර්වල මානසික තත්ත්වය නිසා ඔටිසම් වගේ මානසික රෝගී තත්ත්වයන් දරුවාට ඇතිවෙන්න පුලුවන් කියලා මේ වෙද්දි විද්වතුන් සොයාගෙන තිබෙනවා. මව අත්විඳි යම් යම් මානසික ආතතීන් දරුවාගේ මනස වර්ධනය වීම අඩාල වීමට කෙළින්ම බලපානවා මේ තත්වයන් දරුවා මුල් කාලයේදි පැහැදිලිවම හදුනා ගැනීමට නොහැකි උනත් පසු කාලීනව දරුවාගෙ වර්ධනයත් සමඟ සමාජගත වීම අඩුවෙන් ,හැකිතාක් තනිව සිටින්නට දරුවන් ප්‍රියකිරීම දකින්නට ලැබෙනවා.

 

නමුත් මෙම රෝගී තත්ත්වය ඇති අයගේ බුද්ධි මට්ටම ඉතා ඉහළයි. මුල් කාලයේ ඉගෙනීමට ඉතා දුර්වල වුවත් මනස වේගයෙන් වර්ධනය වීමත් එක්කම ඔවුන් ඉතා දක්ශ දරුවන් බවට පත් වෙනවා. ලෝකයේ බොහෝ අලුත් සොයා ගැනීම් සිදු කළ විද්‍යාඥයන් මෙම රෝගී තත්ත්වයේ සිට ඇති බවට ඇති තරම් තොරතුරු තියෙනවා.

 

එසේම ස්වභාවික උපතකදී උපත ප්‍රමාද වීමක් හෝ දරුවාහෙ හිස සිර වීමක් වුණොත් මොළයට ඔක්සිජන් ගමන් නොකිරීම නිසා මොළයේ වර්ධනය අඩුවෙනවා. ඒ වගේමයි පිත්තාශයෙන් නිපදවන පිත වැඩිවීම නිසත් මුල් කාලයේදී ශරීරය කහ පැහැ ගැන්වීම සිදුවෙන බව ඔබ ඕනෑ තරම් දැකලා ඇති.

 

මේ වගේ සෞඛ්‍යමය ගැටළුකාරි අවස්ථා නිසා මෙවැනි අසරණතාවයට පත් වුඉ දෙමාපියන් වොශාල පිරිසක් සිටිනවා.එම නිසා හැකි සෑම විටකම ,ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, මුලින්ම ඔබේ සිනහව රැකගන්න. සතුට වගේම සමගිය සමග එකට ජීවත් වෙන්නට හුරු වෙන්න.මානසික අවපීඩන තත්ත්ව ගෙන දෙන අවස්ථාවන් සොයා යන්නට එපා.පවුල් ජීවිතයේ ගැටළු සහගත තැන් සාමකාමීව විසදාගන්නට කටයුතු කරන්න.දරුවෙකු කුසට ආ පසු මවගේ මානසික තත්ත්වය යහපත්ව තබාගන්නට ,දරුවාගේ පියාවශයෙන් හැකි සෑම විටෙකම ඔබේ බිරිඳට සහයෝගය ලබා දෙන්න.සම්පූර්ණයෙන්ම නැතත් එවිට මෙවැනි අවාසනාවන්ත අවස්ථා මග හරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.

 

ඊළග ලිපියෙන් ,දරුවෙකුගේ උපතින් පසු හටගන්නා මානසික ආබාධ තත්ත්වයන් මොනවද කියලා අපි සාකච්ඡා කරමු.