Parenthrive - Celebrating Parenthood, Embracing the Journey සොඳුරු දිගු ගමනක - හෘදයාංගම සමාරම්භය
image

වැඩිහිටි පොඩිහිටි හැමෝටම සාර්ථක දවසක් !

කාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු පාඨකයන්ට නම් අපේ මේ Parenthrive පවුල ගැන අවබෝධයක් ඇති.ඒත් අපි ගැන මුලින්ම දැන ගන්න පිරිසට 'Parenthrive පවුල ' කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්නම්...

 

අලුත විවාහ වුණු ආදරණීයයන්ට වගේම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවළ සදහාද ,දැනටමත් පුංචි පොඩිහිටියෝ ඉන්න නිවසක ඉන්න වැඩිහිටි ඔබටද අත්‍යවශ්‍යම වන ජීවිතයේ අභියෝග වගේම අවස්ථාවන් ගැන දැනුවත් කරන්න හැදුනු පවුලක් තමයි Parenthrive අපි...

 

ඉතින් අපේ පළවෙනිම අති සාර්ථක පියවර අපි පසුගිය නොවැම්බර් මාසෙ 11 වෙනිදා තිබ්බා.Parenthrive Community එකේ පළවෙනිම Physical Club එක එදා කොළඹ 9- Orion City Barista Cafe එකේ විශාල වැඩිහිටි පොඩිහිටි හවුලක් එක්ක අපිට පවත්වන්නට පුළුවන් වුණා..ලංකාවේ නන් දෙසින් දෙමාපියන් අපිත් එක්ක එදා සුහදව අත්වැල් බැදන් තිබුණේ ඇත්තටම මේ කර්තව්‍යයේ අවශ්‍යතාවය තදින්ම අපිට තේරුම් කරමින්. හැමදාමත් වගේ දකින සාම්ප්‍රදායික දේශන වලින් එහාට ගිහින්, හිටිය හැම කෙනෙක්ටම අපේ වැඩසටහන ඇතුළෙ සරලව වගේම විනෝදජනක කාලය ගත කරන්න අපි සූදානම් කරලා තිබ්බා.

 

"අම්මෙක්/තාත්තෙක් වුණාම ඔබට කොහොමද දැනෙන්නේ? එහෙමත් නැතිනම් අම්මෙක්/තාත්තෙක් වෙන එක ගැන ඔබ හිතන්නෙ මොකක්ද?"

 

මේ ප්‍රශ්නෙට එදා ලැබුණු උත්තර දිහා බැලුවම, ඇත්තටම අපි හිතුවටත් වඩා සාධනීයව මේ වැඩසටහන එදා පැවැත්වුනා කියලා අපිට දැන් හිතෙනවා...

 

අපේ community එකත් එක්ක අත්වැල් බැදන් ඉන්න වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහත්මයා එක්ක " ළමා අවධියේ උණ රෝගය, ඩෙංගු රෝගය හා ඒවාට අදාළ ප්‍රතිකර්ම ' පිළිබඳ වටිනා හරවත් දේශනයක් ඔබ වෙනුවෙන් එදින පැවැත්වුණා..එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගනිමින් උද්යෝගයෙන් ගලා ගිය පැය තුනකට අධික කාලය දිහා බැලුවහම සැබැවින්ම අපේ වෑයම සාර්ථකයි..!

 

'නිසි දෙමාපියත්වය' කියන සංකල්පය ලංකාවේ වැඩිහිටි ප්‍රජාව තුළට ඔබ්බවන එක හිතන තරම් ලේසි කටයුත්තක් නොවුණත් Parenthrive වැඩසටහන මගින් අපි එදා ඒ භාරදූර කාර්යයට මුල්ගල තිබ්බා.වැඩිහිටියෝ සාර්ථකව ඊට සම්බන්ධ වෙද්දී ඇවිත් හිටිය පොඩිහිටියො ටිකට ලස්සන වගේම ආදරණිය මතකයන් ටිකක් දෙන්නත් අපි අමතක කළේ නැහැ.Parenthrive කණ්ඩායම හරි හරියට මේ සුහදශීලී වැඩෙත් එක්ක එකතු වුණ නිසා පැය තුනකට ආසන්නව ගලන් ගිය උද්‍යෝගිමත් සැසිය ඇතුලේ පුංචි දඟ මලු ටික රදව ගන්න පුංචි අල්ලසක් එහෙමත් දෙන්න අපිට සිද්ධ වුණා..

 

ඉතින් පොඩිහිටියොන්ගේ භාෂාවෙන් කිව්වොත් නම් ඒක " පැණි රස හැන්දෑවක් "

 

එකිනෙකාගේ දැනුම ආකල්ප වගේම අත්දැකීම් හුවමාරු කර කරගන්න ඕන කරන platform එකක් Parenthrive පවුල එකතු වෙලා එදා එහෙම හැදුවා. ඒ platform එක ලංකාවේ ඉදිරි දවසක මහා දැවැන්ත platform එකක් වෙන බවට පළවුණ ඉගියකුත් එක්ක හරිම විනෝදශීලීව ගෙවුණු පැය තුනකට අධික හැන්දෑවක් අවසන් වුණේ අපේ කණ්ඩායමේ ..................සහෝදරයගෙ ස්තූති කතාවත් එක්ක.

 

Parenthrive පවුලේ හැම හදවතක්ම එදා අපිත් එක්ක එකතුවෙලා කරපු ඒ වැඩේ තාමත් ඉවර නෑ. හොඳම දේ එන්නෙ ඉස්සරහට. මේ ගමනෙ සාක්ෂිකරුවෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න අනගි දොරක් මෙන්න මේ විදියට අපි ඔබ වෙනුවෙන් විවෘත කරලා තිබෙනවා.

 

ඉතින්, වගකීම් සහගත වැඩිහිටියෙක් වෙන ඔබත් අපේ පවුලත් එක්ක ලොකු ගමනක් යන්න එනවා කියන විශ්වාසයෙන් අපි සූදානමින් ඉන්නවා අපේ ඊලග පියවරට.."වැඩිහිටි ඔබෙන් , පොඩිහිටියන්ට හොදම ලෝකයක් හදන්න' අපි මේ දිග කරපු අපේ දෑත් ශක්තිමත් කරන්න විවෘත ,ආදරණීය වගේම හරිම සුහදශීලී ආරාධනයක් Parenthrive පවුල ඔබට ගෙනෙනවා..

ස්තූතියි